විහිළුවක් ගිය දුර

pasindumadhusara

නිට්ටඹුව රන්පොකුණුගම මහා විද්‍යාලයේ උසස්පෙළ පංතියකදී කෙරුණු විහිළුවක් නිසා සිසුවෙකුගේ පසු ප්‍රදේශයේ යකඩ කූරක් ඇනී ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගත කර පුවතක් වාර්තා වේ.

එම පන්තියේම සිසුවියක් විහිළුවක් කිරීමට සිතා ඔහු තම අසුනෙන් නැගිට ඇති අවස්ථාවේ ඔහුගේ අසුන මත යකඩ කූරක් තබා අල්ලාගෙන සිට ඇත. නොසිතු ලෙස ඔහු නැවත වාඩිවෙද්දී එම යකඩ කූර ඔහුගේ පසුපස පසාරු කරගෙන ගොස් මෙම අනතුර සිදුව ඇත.

මෙයින් තුවාල ලැබූ සිසුවා ගුරුවරුන්ගේ මැදිහත්වීමෙන් යකඩ කූර තිබියදීම රෝහල් ගත කර ඇත. වතුපිටිවල රෝහලේ වෛද්‍යවරුන් සිදුකල සුළු සැත්කමකින් අඟල් 6ක් පමණ සිරුර ඇතුලට කිඳා බැස තිබු යකඩ කූර ඉවත් කිරීමට සමත්වී තිබේ. මේ වනවිට රෝහලේ 7 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන සිසුවාගේ තත්වය බරපතල නොවන බව වාර්තා වෙඉ.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ රන්පොකුණුගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන පවිඳු මධුසර නැමති 18 හැවිරිදි සිසුවෙකි. ඔහු පාසලේ ගුරුවරියකගේ දරුවෙකු බවද පැවසේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>