වීඩියෝ වෙන අයුරින් සිසුවෙකු ගෙල වැලලාගනී

null

ගලේවෙල ගල්කිරියාගම ඉහළ ගොල්ල ප‍්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු සිය කාමරයේ වහලයේ එල්ලූ ලණුවක ගෙල සිරවීමෙන් මියගොස් සිටියදී සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ උසස්පෙළ විභාගයට ඉගෙන ගන්නා පාසල් සිසු‍ෙවක් වන ක්‍රිෂාන් දිල්හාන් (17) නැමැති අයෙකි.

මව හා පියා නිවසේ නැති අවස්ථාවක ඔහු පරිගණකය පුටුවක් උඩින් තබා ක්‍රියාත්මක කර ඊට ඉදිරිපිටින් සිටිමින් ලනුවක් ගෙලේ ගැටගසා කාමරයේම වහලේ එල්ලී ඇති බව පොලිසිය පවසයි. සිසුවා ගෙල වැලලාගෙන සිටි ස්ථානයට ලැප්ටොප් පරිඝනකයේ කැමරාව ස්ථාන ගත කර වීඩියෝ ගත කිරීමට උත්සහ දරා ඇත්දැයි සැක මතුවන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සිසුවාගේ ගෙල සිරවී තිබූ කඹයේ රෙදි ඔතා තිබෙනු දක්නට ලැබෙන අතර එ් අනුව ගෙල සිර නොවන අයුරින් අදාළ දර්ශන රූගත කිරීමට දැරූ උත්සහයක් වැරදීමෙන් මෙම මරණය සිදුව ඇත්දැයි සැක මතුව තිබේ.

දඹුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා පැමිණ පරික්ෂා කර බලන විට ලැප්ටොප් පරිගණකයේ රහස් අංකයක් යොදා ඇතුළුවීම වළකා තිබීම නිසා එය ක්‍රියාත්මක කිරීමට දන්නා අයකු ලවා පරික්ෂා කර අධිකරණයට දන්වන ලෙස නියෝග කර ඇත.

එම නිසා තවමත් ලැප්ටොප් පරිඝනකයේ අන්තර්ගත තොරතුරු පිළිබඳව අනාවරණය වී නොමැත.

මියගිය සිසුවාගේ පියා වන උපාලි ජයලත් මහතා කියා සිටියේ තම දරුවාට සියදිවි හානි කර ගැනීමට තරම් කිසිදු ප්‍රශ්නයක් නොතිබූ බවය.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>