වීරයන්ගෙත් වීරයා සංගා

null

ඇමරිකාවේ ක්‍රිකට් ජනප්‍රිය කරලීම සඳහා පවත්වන සුපිරි තරු ක්‍රිකට් තරඟාවලියේ තුන්වැන්න ලොස් ඇන්ජලීස් නුවර ඩොජර් බේස්බෝල් ක්‍රීඩාංගනයේදී ඊයේ (14) පැවැත්විය.

එහිදී තරගාවලියේ තෙවන තරගයෙන් ද ජයගැනීමට ෂේන් වෝන්ගේ “වෝන් වෝරියස්” කණ්ඩායම සමත් විය.

ඒ, සචින් ටෙන්ඩුල්කාර්ගේ “සචින් බ්ලාස්ටර්ස්” කණ්ඩායම කඩුලු 4 කින් පරාජයට පත්කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සචින් බ්ලාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 219 ක් රැස්කළේය.

ඒ අනුව ලකුණු 220 ක ඉලක්කයක් හඹා ගිය වෝන් වෝරියස් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ සිය ජයග‍්‍රහණය වාර්තා කළේය. එහිදී කුමාර් සංගක්කාර පන්දු 21 ක් තුළ ලකුණු 42 ක් රැස්කිරීමට සමත් විය. ජැක් කලීස් ලකුණු 47 ක් හා රිකී පොන්ටින් ලකුණු 43 ක් රස කිරීමට සමත්විය.

මේ අනුව තුනට බිංදුවක් ලෙස තරඟාවලියේ ජය හිමිවන්නේද ෂේන් වෝන්ගේ වොරියර්ස් පිලටයි. තරඟාවලියේ වීරයා ලෙස නම් කෙරුණේ තරඟ තුනේදීම පිත්තෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා පිලේ ප්‍රවීන ක්‍රීඩක කුමාර් සංගක්කාරයි.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>