වෙඩි තබන බව ස්ලිප් එකක ලියා බැංකුව කොල්ලකාපු තරුණයා

null

පානදුර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක අයකැමිවරියක් බියට පත්කර මුදල් කොල්ලකා පළාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීස් නිලධාරියකු සමත් වී තිබේ.

පානදුර ප්‍රදේශයේ බැංකුවක් වෙත ඊයේ පස්වරු 5.30 ට පමණ පැමිණ ඇති පුද්ගලයකු එහි අයකැමිවරියක් වෙත මුදල් තැන්පත් කිරීමේ රිසිට් පතක් ඉදිරිපත් කර ඇත. අදාල රිසිට් පතේ ඔහු සටහන් කර තිබුණේ – ‘මා සතුව ගිනි අවියක් තිබෙනවා.. මම ඔබට වෙඩි තබනවා… සියලු මුදල් දෙන්න.. ඔබ අනතුරු ඇගවීමේ සංඥා ක්‍රියාත්මක කළහොත් මම වෙඩි තබනවා..” යනුවෙන්.

සැකකරු මෙලෙස රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාගෙන පලායද්දී බැංකුව ආසන්නයේ සේවයේ යෙදී සිටි පානදුර පොලීසියේ නිලධාරියෙකු ඔහුව අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව ගිනි අවියක් නොතිබූ බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත් පුද්ගලයා කොළඹ, මාලිගාවත්ත ප්‍රදේ‍ශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.

මෙම තරුණයා මොස්කව් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරා 2011 වසරේ මෙරටට පැමිණ ඇති බවද ප්‍රශ්නකිරීම් වලදී අනාවරණයවී තිබේ. ඔහු මීට මාස කිහිපයකට පෙර අධ්‍යාපනයට මුදල් නොමැති නිසා යළි මෙරටට පැමිණ ඇති බවත්, නැවත අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට මුදල් නොමැතිවීම නිසා මෙම බැංකු කොල්ලය සිදුකළ බවත් සැකකරු පාපොච්චාරණය කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 7ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබා දී තිබේ.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>