වෙඩි ප්‍රහාරයට ලක්වූ යකඩ රංග මියයයි

null

පසුගිය 13 වනදා පෑලියගොඩ, නුගේ පාර හංදියේ සිදුවු වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගංගානාත් විශ්මිත (34) හෙවත් යකඩ රංග නමැත්තා මියගොස් තිබේ.

පසුගිය 13 වනදා පෙරවරු 10.45ට පමණ ඔහු නාඳුනන පුද්ගලයෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක්විය. වෙඩි තැබීමෙන් පසු එම පුද්ගලයින් ත්‍රිරෝද රථයක නැගී පළා ගොස් තිබිණ.

බරපතළ තුවාල ලැබු ගාල්ල යකඩ රංග නමැති අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කෙරුන අතර අද පෙරවරුවේ ඔහු මියගොස් තිබේ.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර අත්අඩංගුවට පත් වූවන් අතර පසුගිය මැයි මාසයේදි ඝාතනයට ලක් වූ පෑලිය‍ගොඩ නගර සභා‍ මන්ත්‍රී ශාමිල සඳරුවන් මහතාගේ පියා ද සිටින බව වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>