වෙනස් වුණු කොණ්ඩයා පොලිස් කොමිසමට පැමිණි අයුරු

null

කොටදෙනියාවේ සේයා සදෙව්මි ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව එම චෝදනාවෙන් නිදහස් වූ දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා තමන්ට පොලීසියෙන් සිදුවූ අසාධාරණකම් පිළිබඳව ඊයේ (26) පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ.

ඒ, නීතිඥවරුන් කිහිප දෙනෙකු සමඟ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි එම කොමිසම වෙත පැමිණීමෙන් අනතුරුවයි.

කරුණු 04 ක් යටතේ මෙම පැමිණිල්ල ගොනු කළ බව දුනේෂ් ප‍්‍රියශාන්ත වෙනුවෙන් පෙනී සිටින නීතීඥ උදුල පේ‍්‍රමරත්න පවසයි.

ඒ අනුව පළමුවැන්න දුනේෂ් ප‍්‍රියශාන්ත අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට බරපතල ලෙස පහරදීම සම්බන්දයෙන්. දෙවැන්න සේයා දැරියගේ ඝාතනයට ව්‍යාජ කට උත්තරයක් ලබාගැනීම. තුන්වැන්න පොලීසිය ඔහු පිළිබඳව වැරදි මතයක් සමාජ ගත කිරීම සහ හතරවැන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයාගේ ක්‍රියා කලාපය එම කරුණු 4 වන බව නීතීඥ උදුල පේ‍්‍රමරත්න වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>