වෙන්නප්පුවේදී මෛත්‍රීගේ පිරිසකට ප්‍රහාරයක්

null

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් වෙන්නප්පුව කොළින්ජාඩිය ප්‍රදේශයේ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටි වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ෂෙරෝන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසකට ඊයේ (26) සවස පහරදීමක් සිදුකර තිබේ.

ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා ඇතුළු තරුණයන් පිරිසක් අද සවස පොදු අපේක්ෂකයාගේ රැව සහිත පොස්ටරයක් බෙදමින් වෙල්ලමංකරයේ සිට කොළින්ජාඩිය ප්‍රදේහයේ ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ලවී තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

එම පිරිස ඊයේ සවස 4.30 ට පමණ මෙම සිද්ධියට මුහුණදී ඇති අතර ඔවුන් පොලිසියට පැමිණ පැමිණිලි කර ඇත්තේ පහරදුන් පිරිස මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට බාධාකර පහරදී තර්ජනය කර තමන් එලවා දැමු බවය.

මේ අතර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. මොවුන් දෙදෙනා එකම පවුලේ පියා හා පුතා වන බව පොලිසිය සඳහන් කරයි.

පහරදීමට අමතරව සිද්ධිය වන අවස්ථාවේ මොවුන් රුපියල් අනු දහසක වටිකාකමක් ඇති රන් මාලයක්ද කඩාගෙන තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>