වෙරළේ අසැබි ලෙස හැසිරුණ යුවළට ප්‍රහාරයක්

null

බලපිටිය ප්‍රදේශයේ මුහුදු වෙරළේ නිවසක් අසල පාළු ස්ථානයක කාලයක් තිස්සේ අසැබි ලෙස හැසිරුණ යුවළකට අපුරු පාඩමක් ඉගැන්වීමට එම ස්ථානය අසල පදිංචි කාන්තාවක් සමත්වී තිබේ.

බොහෝ නිවාඩු දිනවල උදෑසනින්ම මෙම යුවළ පැමිණෙන බවත් දවස තිස්සේ සිපගනිමින් ස්පර්ශ කරමින් ඇඳුම් උනමින් ඉතාම අශ්ලීල හැසිරීමක යෙදී ඔවුන් දෙදෙනා එහි දවසම ගතකර හවස් වරුවේ යන බවත් එම ස්ථානයට නුදුරින්වූ දෙමහළ් නිවසේ අයට දැකගන්නට ලැබී ඇත.

පහළ අයට සැගවුණ ස්ථානයක් ලෙස පෙනුණත් එම නිවසේ බැල්කනියට මෙම අශ්ලීල දසුන් ඉතාම හොඳින් දර්ශනය වන බවද පැවසුණා. මේ හේතුවෙන් සතිඅන්තයේ එම නිවසට අමුත්තන් පැමිණි අවස්ථා කිහිපයකදීම නිවැසියන් අපහසුතාවයට පත්ව ඇත්තේ වෙරළ බඩ නොමනා දසුන් නිසාය.

මේ හේතුවෙන් එම නිවසේ සිටි වැඩිහිටි කාන්තාවක් මෙම කාරණය සම්බන්ධයෙන් ඔවුනට පැහැදිලි කිරීම සඳහා ගොස් ඇති අතර එම අවස්ථාවේ අදාළ පෙම්වතා පවසා ඇත්තේ අපි ඉන්නේ පොදු තැනක. වෙරළ කාටත් අයිතියි. අපි ඕගොල්ලන්ගෙ දේපළක ඉන්නෙ නෑනේ. ඒ නිසා අපට කරදර කරන් නැතිව ඉන්න ලෙසයි.

තවත් දිනයක ඔවුන් මෙලෙස අසැබි ලෙස හැසිරෙණු දුටු අදාල කාන්තාව කෝපයට පත්ව එදින දහවල් මාළු පිළියෙල කරද්දි මාළු කපා ඉවත් කළ මාළු ලේ සහිත භාජනය දැක ඇති අතර එය රැගෙන බැල්කනිය වෙත ගිය ඇය ඔවුන් සිපගනිමින් සිටි ස්ථානයට එයින් උඩ සිට මාළු ලේ වලින් දමා ගසා ඇත.

එම අවස්ථාවේ වහා නැගී සිටි පෙම් යුවළ කාන්තාවට බැණවැදී ඇති අතර එයට පිළිතුරු ලෙස කාන්තාව කියා ඇත්තේ මං මාළු ලේ විසිකළේ වෙරළටනේ කියාය. එම සිද්ධියෙන් පසුව ඔවුන් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර නැවත පැමිණ නැති බව පැවසේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>