වෙලේසුදාගේ නංගි හිටිය රථයේ රහස් තැනක හෙරොයින් සඟවලා

null

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැණුනු වෙලේ සුදාගේ බාල සොහොයුරිය ගමන් ගත් මෝටර් රථයේ තිබී තවත් හෙරොයින් ග්‍රෑම් 150ක් ඊයේ සොයා ගෙන තිබේ.

ඒ ඇය ඇතුළු තිදෙනා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී රැදී සිටි මෝටර් රථයේ A/C බටයක් තුළ සඟවා තිබීයදි ය.

අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම හෙරොයින් ග්‍රෑම් 150 සොයාගෙන ඇත. බොරැල්ල පොලීසිය භාරයේ මෙම මෝටර් රථය ගාල් කර තිබුණේ එම පොලිස් ස්ථානයේයි.

මෙම මෝටර් රථය ඇයගේ මවගේ නමට ලියාපදිංචි කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙන බව පොලිසිය පවසයි.

වෙලේ සුදාගේ බාල සොහොයුරිය වන ගම්පලවිදානගේ දිලිනි නිල්මිණි පසුගිය 21 වනදා බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුනේ හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 520 ක් ළඟ තබාගෙන සිටියදියි.

ඒ අනුව ඇයව ලබන 26 වැනි දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් පොලීසියට අවසර ලැබුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>