වෙලේ සුදාගේ සල්ලි උදයන්ති තම සොයුරියගේ ගිණුමට දාලා

null

වෙලේ සුදාගේ හෙරොයින් මත් කුඩු ගැන පරීක්ෂණ පවත්වන රහස් පොලිසියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) පැවසූයේ චමිලා නිශාන්ති නිල්මිණි කුලතුංගගේ බැංකු ගිණුමේ රුපියල් කෝටියක් ආපසු ගැනීමට වාරණයක් ඇත්දැයි වාර්තාවක් ලබන 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

වෙලේ සුදා හෙවත් ගම්පොළ විදානගේ සමන්ත කුමාර ටෙලි නාට්‍ය නිළි උදයන්ති කුලතුංගට දුන් බව කියන මුදල් ඇය විසින් ඇගේ සහෝදරියගේ ගිණුමේ තැන්පත් කර ඇතැයිද අධිකරණයේදී සඳහන් විය.

උදයන්ති කුලතුංගගේ සහෝදරිය චමිලා නිශාන්ති නිල්මිණි කුලතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත් මේ ගැන කරුණු තහවුරු කරන්නැයි රහස් පොලිසියට නොතිසි නිකුත් කළේය.

Source – ලංකාදීප

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>