වෙලේ සුදාගේ සොහොයුරිය අත්අඩංගුවට

null

හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි, වෙලේසුදාගේ බාල සොහොයුරිය ඇතුළු පිරිසක් රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ බොරැල්ල පොලිසිය සිදු කළ හදිසි වැටලීමකදියි.

රුපියල් ලක්ෂ 17 ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 111 ක් මෝටර් රථයකින් ඔවුන් ප්‍රවාහනය කරමින් සිටි බවයි පොලිසිය ප්‍රකාශ කරයි. අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනා අතර තවත් කාන්තාවක් සිටින බව වාර්තා වෙයි.

28 හැවිරිදි ගම්පොළ විදානගේ දිළිණි නිල්මිණි නමැති සැකකාරිය ඇතුළු තිදෙනා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වනදා දක්වා ඔවුන්ගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි බොරැල්ල පොලීසියට අවසර ලබාදී තිබේ.

හෙරොයින් ළඟ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ ගම්පළ විතානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට කොළඹ මහාධිකරණය පසුගියදා මරණ දඩුවම නියම කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>