වෙලේ සුදාගෛ් ගෝලයෙක් පකිස්ථානයේදී අල්ලයි

null

වෙලේ සුදා සමඟ පාකිස්ථානයට පැන ගිය බව කියන සිද්දික් මොහොමඩ් පකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඊයේ (19) කොළඹට රැගෙනවිත් තිබේ.

ප‍්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සමග මොහොමඞ් සිද්දික් වසර පහකට අධික කාලයක් පාකිස්තානයේ සිට මත් කුඩු ජාවාරමේ නිරත වී ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණ වී තිබේ.

හෙතෙම අත්අඩංගුවට ගන්නා ලෙස රතු නිවේදනයක්ද නිකුත්කර තිබුණි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසා ඇත්තේ මොහොමඞ් සිද්දික්ගෙන් මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප‍්‍රශ්න කරමින් සිටින බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>