වෙලේ සුදා ගැන නිළියන් කියපු කතාව
ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙකු වූ වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර සම්බන්දතා පවත්වා ඇති නිලියන් 06 දෙනාගේ නම් හෙළිකරන ලෙස අද කලාකරුවන් පිරිසක් පොලිසියෙන් ඉල්ලා සිටියහ.
අද (22) පෙරවරුවේ කොළඹදී පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවට සේමිණී ඉද්දමල්ගොඩ, දිල්හානි අශෝකමාලා, නදීකා ගුණසේකර, ලෝචනා ඉමාෂි ඇතුළු කළා ශිල්පිනියන් රැසක් එක්ව සිටියාය.
ඔවුන් මෙම මාධ්‍ය හමුව කැඳවා ඇත්තේ වෙලේ සුදා හෙළි කර ඇති තොරතුරු අනුව වෙලේ සුදා සමග සබඳතා පැවැත්වූ නිලියන් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට ය.
වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර සමග මෙරට නිලියන් 06 දෙනෙකු සබඳතා පවත්වා ඇති බවට පොලිස් දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ කරත්, නිල වශයෙන් නම් සඳහන් නොකිරීම නිසා නිලියන්ගේ නම් උපයෝගි කරගෙන අපහාස කිරීමේ ව්‍යාපාරයක් නිර්මාණය වී තිබෙන බවද එම කලාකරුවන් පිරිස ප්‍රකාශ කළහ.
ෆේස්බුක් ඔස්සේ ව්‍යාජ ප්‍රචාරයක් ගෙන ගිය තරුණයෙකු විසින් වෙලේ සුදා සමග සම්බන්ධකම් පැවැත්වූ බවට නිලියන් පිරිසකගේ නම් ප්‍රසිද්ධියට පත්කොට තිබුණ අතර එම පුවතට වෙනත් ගොසිප් වෙබ් අඩවි ඔස්සේද ප්‍රචාරය කිරීම හේතුවෙන් අනතර්ජාලය පුරා එම නිලියන් වෙලේ සුදා සමග සම්බන්ධතා පැවැත්වූ නිලියන් ලෙස ප්‍රචාරය වී තිබුණි.
මේ හේතුවෙන් මාධ්‍ය හමුව කඳවු කලාකාරිනියන් ප්‍රකාශ කලේ වෙලේ සුදා නිළියන් සමග සබඳතා පවත්වා ඇත්නම් ඔවුන්ගේ නම් හෙළිකරන ලෙසයි.