12 Aug 2015
වෙලේ සුදා දුමින්දට සල්ලි දීලා – නැවත ඉල්ලූ විට සුදු වෑන් එවලා
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා ලඟ තමන් වැඩ කළ බව ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා හෙළි කර තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.
වෙලේ සුදාට එරෙහිව මහාධිකරණයේ පවරා ඇති නඩුව අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු ප්රීති පත්මන් සූරසේන මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ රජයේ නීතීඥවරියගේ හරස් ප්රශ්න හමුවේ ඔහු මේ බව හෙළි කර තිබේ.
“දුමින්ද සිල්වා ලඟ මං වැඩ කළා. වැඩ කරන අවස්ථාවේදි ඡන්දෙට මිලියන දෙකක් ණයට දුන්නා. ඡන්දෙට දුන්නු මිලියන දෙක මම ආයෙත් ඉල්ලුවාට පසුව සුදු වෑන් එකකුයි පොලිසියෙනුයි හැම වෙලේම නිවසට එන්න ගත්තා.”