වෙලේ සුදා නම් හෙළිකළ අය සතියකින් අත්අඩංගුවට
මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සතියක කාලයක් තුළ අවසන් කරන බව පොලීසිය පවසයි.
වෙලේ සුදගෙන් සිදු කල ප්‍රශ්න කිරීම් වලින් මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා පොලිස් නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 36 දෙනෙකු පිළිබඳව තොරතුරු හෙළිවී ඇති අතර එම පුද්ගලයන් ඉදිරි දින 7 තුළ අත් අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු යොදා තිබෙන බව වාර්තා වෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතාගේ උපදෙස් මත අදාළ පරීක්ෂණ කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවයි.
එමෙන්ම වෙලේ සුදා සම්බන්ධයෙන් මෙතෙක් පරීක්ෂණ කටයුතු කළ අපරාධ අංශ නිලධාරීන් අධීක්ෂණය කිරීමට සහ පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට පැවරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.
වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව හෙළිවී ඇති පුද්ගලයන් පිළිබඳව නිවැරදි අධීක්ෂණය කිරීම කටයුතු ඉදිරි දින තුන හතරක කාලය තුළ සිදුකරන බවත්, මේ අනුව කරුණ තහවුරු වන සියලුම දෙනාම ඉදිරි දින 07 ක් තුළදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ.
මේ අතර අත්අඩංගුවේ සිටින වෙලේ සුදා ලබන 05 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (02දා) රහස් පොලීසියට නියෝග කර ඇත.