වෙස්වලාගෙන ජනතාව අතරට ගිය රොනාල්ඩෝට වෙච්ච දෙයක්

null

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගිය දිනෙක ස්පාඤ්ඤේ මැඩ්රිඩ්හි වීදියක දී සිය ක්‍රීඩා ලෝලීන් අතරට වෙස් වලාගෙන ගොස් පාපන්දු ක්‍රීඩාවේ නිරතව ඇත.

සාමාන්‍ය පුරවැසියෙකු මෙන් වෙස් වලාගත් රොනාල්ඩෝ එම වීදියේ ගමන් කරන තරුණයින්, තරුණියන් සහ වැඩිහිටියන්ට මෙන්ම කුඩා දරුවන්ට තමන්ගේ හැකියාවෙන් පාපන්දුවෙන් විවිධ වික්‍රමයන් පෙන්වමින් මුදල් එකතුකරන්නෙකු මෙන් පෙනී සිට තිබේ.

එමෙන්ම තමන් සමග ක්‍රීඩා කිරීමට එන ලෙසට ද වීදියේ ගමන් කරන ඇතමුන්ගෙන් ඉල්ලීම් කරන නමුත් කාර්යබහුල පුද්ගලයින් ඔහු මගහැර යන අයුරු දකින්නට ලැබේ.

කෙසේ නමුත් අවසන් මොහොතේදී කුඩා දරුවෙකු මොහු සමග වැඩි වේලාවක් ක්‍රීඩා කර ඇති අතර අවසානයේදී ඔහු කවුරුන්ද යන වග එම දරුවාට ඔහුගේ කෘතිම රැවුල සහ කොණ්ඩය ගලවා පෙන්වයි.

එම අවස්තාවේදී ඔහු දුටු අනෙකුත් පුද්ගලයින් සියල්ලම එම ස්ථානයට එක්රොක් වී ඇති අතර රොනාල්ඩෝ එම ස්ථානයෙන් ඉකිමනින් පිටත්ව ගොස් තිබේ. නමුත් එම ස්ථානයෙන් පිටත්ව යාමට පෙර අදාළ කුඩා දරුවාට ඔහු ක්‍රීඩා කළ පාපන්දුවක රොනාල්ඩෝ යන නාමය සටහන් කොට ත්‍යාගයක් ලෙස ලබාදී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>