වේගවත් කාන්තාව හා මිනිසා ශ්‍රී ලංකාවෙන්

null

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 කාන්තා හා පිරිමි ඉසව් දෙක ජයගමින් කලාපයේ වේගවත්ම මිනිසාට හා කාන්තාවට හිමි තැන ශ්‍රී ලංකාවට හිමිකර දීමට හිමාෂ ඒෂාන් හා රුමේෂිකා රත්නායක සමත්විය.

හිමාෂ ඒෂාන් මීටර් 100 ඉසව්ව තත්පර 10.28කින් නිම කරමින් රන් පදක්කම දිනාගනිද්දී රුමේෂිකා රත්නායක මීටර් 100 කාන්තා ඉසව්ව නිමකළේ තත්ත්පර 11.71කිනි.

පිරිමි පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී එම ඉසව්ව තත්ත්පර 10.26කින් නිම කිරීමට හිමාෂ ඒෂාන් සමත්වූ අතර එය දකුණු ආසියානු හා ශ්‍රී ලංකාව වාර්තාවකි.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට රන් 17ක් රිදී 37ක් ලෝකඩ 33ක් සමග පදක්කම් 87ක් ජයග්‍රහණය කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>