11 Aug 2015
වේග සීමා නොතැකුවොත් අද සිට නඩු
අද සිට ක්‍රියාත්මක වන පරිදි මාර්ග 11 කට අදාලව වේග සීමා ක්‍රියාත්මක වන බැවින් ඒවා උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් රථවාහන ඒකකය සඳහන් කරයි.
වේගසීමා පුවරු සවිකර තිබෙන මාර්ගවල වේගසීමාව ඉක්මවා රිය පදවන රියැදුරන්ට අදාළ අවස්ථාවේදී දඩ පත්‍රිකාවක් නිකුත් කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
අධික වේගයෙන් රිය පැදවීම යන රථ වාහන නීතිය උල්ලංඝනය වෙනුවෙන් මෙතෙක් කලක් පොලිසියට රියදුරන්ට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් නොවූ අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව මේ වන විට මාර්ග බොහොමයක වේග සීමා සවි කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව අදාල වේග සීමා උල්ලංඝනය කරන්නන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරෙනු ඇත.
පෙර පළවූ පුවත පහතින්…