වෛද්‍යවරයෙකුගෙන් හෙද සිසිවෙකුට ප්‍රහාරයක්

null

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු තමාට පහරදී අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බව කියමින් පුහුණුවන හෙද සිසුවෙක් ඉමදූව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ අංක 06 වාට්ටුවේ රෝගීන් පරීක්ෂා කරන අතරතුරදී අදාළ වෛද්‍යවරයාගේ ඇ‍ඟේ හැපීම නිසා ඔහු කෝපයට පත්වී තමාගේ කනට සහ ඔළුවට ගසා අස්‍යභ්‍ය වචනයෙන් බැණ වැදුණේ යැයි පහර කෑ හෙද සිසුවා විසින් ඉමදූව පොලීසියට පවසා තිබේ.

මේ වන විට එම සිසුවා ඉමදූව රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටීන අතර වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කර හෙද සිසු සිසුවියන් පිරිසක් ගාල්ල මහමෝදරදී ඊයේ (12) දහවල් උද්ඝෝෂණයක් පැවැත්විය.

එම සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයාට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙස ඔවුන් බලකර සිටියා.

අදාළ වෛද්‍යවරයාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට කරාපිටිය රෝහල් පොලිසියට වෙත දන්වා ඇතැයිද පවසන ඉමදූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවයි.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>