වෛද්‍ය සිසුවිය නිරුවත් කර දැන්වීමක් හදලා
තමන් ආදරය කළ වෛද්‍ය සිසුවියකගේ නිරුවත් ඡායාරූප දැන්වීමක ආකාරයෙන් සකසා අන්තර්ජාලයට එක් කළ රජරට විශ්ව විද්‍යාලයෙ අවසන් වසර සිසුවකු ලබන මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කෑගල්ලේ පදිංචි මෙම වෛද්‍ය සිසුවිය ද රජරට විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබන අතර දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය 2013 වසරේදී ආරම්භ වී තිබේ. පසුව ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය නතර වී ඇති අතර මෙම සිසුවිය මේ වසරේ ජනවාරි මස දෙමාපියන්ගේ අවසරය මත වෙනත් තරුණයකු සමග විවාහ වී ඇත.
ඉන් අනතුරුව මෙම සිසුවියට අනුරාධපුර ප්‍රදේශයේදී යළි සරසවි ප්‍රේමවන්තයා හමුවී ඇති අතර ඔහු බලහත්කාරයෙන් ඇය සමග ලිංගිකව එක්ව ඡායාරූප ගෙන තිබේ.
එම ඡායාරූප පසුගිය අප්‍රේල් මාසයේ 28 වන දා ඔහුගේම පුද්ගලික ෆේස්බුක් ගිණුමින් ප්‍රසිද්ධ කර ඇති බව රහස් පොලිසියේ පරිගණක අංශයේ ස්ථානාධිපතිවරයා වෙත පැමිණිලි කරමින් වෛද්‍ය සිසුවිය සඳහන් කර ඇත.
ඒ අනුව සැකකාර සිසුවා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත ඊයේ (29) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.