වෛරස් උන රෝගය නිසා දකුණේ සියලුම පෙර පාසල් වැසේ

null

දකුණේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ සියලුම පෙර පාසල් ලබන සඳුදා (28) දක්වා වසා තැබීමටත්, රෝගය පැතිර යන ප්‍රදේශවල පාසල් හි ප්‍රාථමික අංශ හෙට (22) අනිද්දා (23) දින දෙකෙහි වසා තැබීමටත් දකුණු පළාත් අධ්‍යාපන අමාත්යංශය තීරණය කර තිබේ.

ඒ අනුව මාතර, මුලටියන, අකුරැස්ස, තංගල්ල, වලස්මුල්ල සහ ගාල්ල යන අධ්‍යාපන කලාපයන්හි පාසල් වසා තැබෙන බව එම අමාත්‍යාංශය සඳහන් කර ඇත.

පළමු ශ්‍රේණියේ සිට පස් වන ශ්‍රේණිය දක්වා සිසුන්ට හෙට සහ අනිද්දා පාසල් නොපැවැත්වෙන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා ප්‍රකාශ කළේය.

ඔහු වැඩි දුරටත් මෙසේ සඳහන් කර තිබේ…

” ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය දකුණු පළාතේ කුඩා දරුවන් අතර වේගයෙන් පැතිරී යන නිසා අපි මේ තීරණය ගත්තා. වෛද්‍යවරුන් පවසන්නේ උණ, හෙම්බිරිස්සාව, කැස්ස, කිවිසුම් යාම වැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් ඒ දරුවන් පාසල් යවන්න එපා කියලයි. ඒ දරුවන් පාසල් පැමිණීමෙන් අන් අයටත් රෝගය පැතිරී යා හැකියි.

ඒ වගේම දරුවන් සෙනඟ ගැවසෙන ස්ථාන වලින් ඈත්කර තැබීමත් වැදගත්. බදාදා (23) දිනයේ දී අධ්‍යාපන නිලධාරීන් සහ වෛද්‍යවරුන් එක්ව කරන සාකච්ඡාවකින් පසුව වසා තැබුණු පාසල් විවෘත කරන දිනය තීරණය කරනවා.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>