11 Apr 2015
ශෂීන්ද්‍රගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි
ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය ඊයේ (10) පැය හතර හමාරකට අධික කාලයක් ප්‍රශ්න කර තිබේ.
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව මෙරටට ගෙන්වු අධි සුඛෝපභෝගී බස් රථ දෙකක් අවභාවිතය සම්බන්ධයෙන් එලෙස ප්‍රශ්න කර තිබේ.
පෙරවරු 9.00 සිට පස්වරු 1.30 දක්වා පැය 4 කට අධික කාලයක් හිටපු ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.