ශෂීන්ද්‍ර ඇතුළු සන්ධාන මන්ත්‍රීවරුන් අද දිවුරුම් දෙයි
ඌව පළාත් සභාවට තේරී පත්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද (30) දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම උත්සවය පැවැත්වෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
මෙහිදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වන ශෂීන්ද්‍ර රාජපක්ෂ දිවුරුම් දීමට නියමිත අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඌව පළාත් සභාවට තේරී පත් වු අනෙක් මන්ත්‍රීවරුන් ද අද දිනයේ දිවුරුම්දීමට නියමිතය.
පසුගිය දා පැවැති ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද තුන්ලක්ෂ 49,906 ක් ලබාගත් අතර හිමිකරගත් මන්ත්‍රි ධුර සංඛ්‍යාව 19 ක්. ඊට ප්‍රසාද මන්ත්‍රී ධුර 2 ක ඇතුළතය.
මේ අතර ඌව පළාත් සභාවට තේරී පත්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දිවුරුම්දීම ලබන මස 6 වන දින පක්ෂයේ ජාතික නායක රනිල් වික්රුමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.