ශෂී විරවංශ මාර්තු 04 තෙක් රිමාන්ඩ්

null

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය මාර්තු මස 4 වෙනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ නියෝගයකට අනුවයි.

කූඨ ලේඛන සැකසීමේ වරදට චෝදනා ලැබ සිටින වීරවංශ මහත්මිය මාලඹේ පුද්ගලික රෝහලට නේවාසිකාගාරව ප්‍රතිකාර ලබමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

පසුව ඇය බන්ධනාගාර රෝහලට බාරගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් බන්ධනාගාර රෝහල් අධ්‍යක්ෂවරයාට ඊයේ දිනයේ නියම කර තිබේ.

අද ඇය බන්ධනාගාර බස් රථයකින් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙන අතර ශෂී වීරවංශ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කියා සිටියේ ඇය සිතා මතා වරදක් කර නොමැති බවත්, විදෙස් ගමන් බලපත‍්‍ර සැකසීම සඳහා මුල් වූ අදාළ නිලධාරීන් අතින් වරදක් සිදුවී ඇති බවත් ය.

එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ විදේශ ගමන් බලපත‍්‍ර සැකසීමේදී අදාළ වෙනස්කම් කරන ලෙස ඉල්ලමින් ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත් කළ ලිපි ඇති බවයි.

එමෙන්ම අදාළ හැදුනුම්පත් යොදාගනිමින් මුල්‍ය වංචා සිදුකර තිබේද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා ඇයගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අවසර ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ඇයව මාර්තු 04 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>