ශෂී වීරවංශ පෙබරවාරි 25 දක්වා රිමාන්ඩ්

null

ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අවිධිමත් ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීම සහ කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ශෂී වීරවංශ පෙබරවාරි 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අනුව ඇයගේ අසනීප තත්වය හේතුවෙන් බන්ධනාගාර රැකවල් සහිතව ඇය තවදුරටත් මාලඹේ පෞද්ගලික රෝහලේ සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරයි.

මේ අතර ශෂී වීරවංශ මහත්මිය ජාතික හැඳුනුම්පත් දෙකක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ ලියවිලි ඇතුළත් ලිපි ගොනු දෙක පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

අදාළ ව්‍යාජ රාජ්‍ය තාන්ත‍්‍රික ගුවන් ගමන් බලපත‍්‍රය නිකුත් කළේ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ අත්සනින් කළ ලිඛිත ඉල්ලීමකට අනුව බව හිටපු ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා, ප‍්‍රකාශ කළ බව රහස් පොලීසිය අධිකරණයට පවසා ඇත.

අවිධිමත් ලෙස සැකසූ ගුවන් බලපත‍්‍රය මගින් සැකකාරිය අවස්ථා කිහිපයකදී විදෙස්ගතවී ඇති බවත්, ජාතික හැදුනුම්පත් දෙකක් භාවිත කළ ඇය එමගින් බැංකු හා වෙනත් මූල්‍ය ආයතන සමග සැක කටයුතු ලෙස ගනුදෙනු කර ඇති බවත් විමර්ශනවලින් වැඩිදුරටත් හෙළි වී ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>