ශ්‍රීලනිප අගමැති අපේක්ෂකයා චමල්?

null

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අගමැති අපේක්‍ෂකයා ලෙස හිටපු කථානායක චමල් රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කරන ලෙසට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එළඹෙන මැතිවරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පත් කළ කමිටුව විසින්. එහි සාමාජික, අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ඒ සම්බන්ධයෙන් කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් චමල් රාජපක්ෂ මහතාගේන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බවයි.

සන්ධානයේ සෙසු පක්ෂවල මතය ද විමසා අවසන් තීරණයකට එළඹෙන බව අමුණුගම මහතා අවධාරණය කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නමද අගමැති අපේක්ෂකයා ලෙස යෝජනාවී ඇති බවත්, එයද විකල්ප මතයක් ලෙස පවත්නා බවත් ඔහු සිහිපත් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>