ශ්‍රීලනිප නව පත්කිරීම් මෙන්න

null

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, විපක්ෂනායක ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතාත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජොන් සෙනෙවිරත්න මහතාත් පත්කර තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

කෙසේ වෙතත් පක්‍ෂ ලේකම්ධූරය සහ භාණ්ඩාගාරික ධූරය දරන්නන් වෙනස්වී නොමැති අතර එම ධුරයන්හි පිලිවෙලින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා සහ ඩලස් අලහප්පෙරුම මහතා කටයුතු කරයි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද පස්වරුවේ පැවති එහි මධ්‍යම කාරක සභාවේදී හා විධායක සභාවේදී ඉහත පත්කිරීම් අනුමත වූ බව පා.මන්ත්‍රී සරත් කුමාර ගුණරත්න මහතා පවසා ඇත.

මේ අතර එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස කටයුතු කල බැසිල් රාජපක්‍ෂ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වන බවට දැනුම් දී තිබේ. එමෙන්ම ලැබු පරාජය පිළිබඳ වගකීම ජාතික සංවිධායකවරයා ලෙස තමන් භාරගන්නා බවද බැසිල් රාජපක්‍ෂ මහතා දන්වා තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>