ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට මෛත්‍රී ආණ්ඩ‍ුවෙන් ඇමති තනතුරු

null

වත්මන් ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට අමාත්‍ය ධූර ලබා ගැනිම සඳහා එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

ජනපති මෛත්‍රිපාලි සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත්ව ඇත.

ඒ අනුව පක්ෂ සභාපති, ජාතික සංවිධායක , පක්ෂ ලේකම් සහ විපක්ෂ නායකවරයාට ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බලය පැවරුණූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.

මේ යටතේ එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඇමති තනතුරු බෙදාගනිමින් ඉදිරියේදී රට පාලනය කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා වූ බවත්, එය තමන් ජාතික රජයක් ලෙස නොසලකන බවත්, බලය හුවමාරු කර ගැනීමක් ලෙස සලකන බවත්, ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.

මෙලෙස ඇමති තනතුරු හිමිවන්නේ කාටද යන්න ගැන තවම නිශ්චිත තීරණයක් ගෙන නොමැත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>