ශ්‍රීලනිප සභාපතිධූරය ජනපති මෛත්‍රීට ලබාදීමට මහින්ද එකඟවේ

null

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එකඟත්වය පළ කර ඇති බවට හිරු නිව්ස් වාර්තා කරයි.

ඊයේ (14) රාත්‍රී කථානායක නිල නිවසේ පැවති විශේෂ සාකච්ජාවකදී මෙම එකඟතාව පළ කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය දිනවල මේ සම්බන්ධයෙන් පක්ෂය තුළ ගැටලූකාරි තත්ත්වයක් මතුවු අතර කණ්ඩායම් දෙකක් දෙකට බෙදී සභාපතිධූරය සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාවද, එක කණ්ඩායමක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද පත් කරන ලදී.

අනතුරුව මේ සම්බන්ධයෙන් පැවති සාකච්චාවකදී පක්ෂයේ සභාපති ධුරය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එකඟත්වය පළ කර තිබේ. එමෙන්ම සිරිසේන මහතාට සම්පූර්ණ සහයෝගය ලබාදීමට ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළකර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>