ශ්‍රී පාද වන්දනාව අදින් ඇරඹෙයි

null

මෙවර ශ්‍රී පාද වන්දනා සමය අදින් ආරම්භ වෙයි. අද දිනයේ සිට ලබන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය දක්වා කාලය, ශ්‍රී පාද වන්දනා සමය ලෙස සැළකෙයි.

මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කරමින් සමන් දේව ප්‍රතිමාව සහ දේවාභාරණ වැඩමවීමේ පෙරහර ඊයේ අළුයම පැල්මඩුල්ල, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වූ අතර එය අද දිනයේ ශ්‍රී පාද මළුව වෙත ළඟාවීමට නියමිතව ඇත.

මෙවර ශ්‍රී පාද සමය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.

පොලිසිය අවධාරණය කරන්නේ වන්දනාවේ පැමිණෙන බැතිමතුන් පොලිසියේ උපදෙස් අනුව ක්‍රියා කල යුතු බවයි.

හැට්න් සහ රත්නපුර කොට්ඨාශවල පොලිස් මුරපොළවල් 8 ක් ස්ථාපිත කර ඇති අතර එක් මුරපොළකට නිලධාරීන් 10 දෙනෙකු යොදවන බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>