05 Dec 2014
ශ්‍රී පාද වන්දනාව හෙටින් ඇරඹේ
මෙවර ශ්‍රී පාද සමය හෙට (06) උඳුවප් පොහෝ දිනෙන් ආරම්භ වේ. ඒ සදහා පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයේ තැනපත් කර තිබූ සධාතුක කරඩුව, සුමන සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශී්රපද මළුව වෙත වැඩම කරවීමේ පෙරහැර අද උදෑසන ආරම්භ කෙරුණා.
ශ්‍රී පාදස්ථානාධිපති පුජ්‍ය බෙංගමුවේ ශ්‍රි ධම්මදින්න නායක හිමියෝ පවසන්නේ ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගැනිම සඳහා පැමිණෙන්නන් එය විනෝද ගමනක් බවට පත් කර නොගත යුතු බවත්, විදේශිකයන් ද ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන බැවින් රටේ අභිමානයට හානි වන අයුරින් කිසිවෙකුත් කටයුතු නොකළ යුතු බවත් ය.