ශ්‍රී ලංකාවට ඉනිමක ජයක් හිමිවෙයි

null

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 6 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 484ක් ලබාගන්නා ලදී. එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ දිනේෂ් චන්දිමාල් ලකුණු 151ක් ලබා ගත් අතර දිමුත් කරුණාරත්න ලකුණු 186ක් ලබා ගැනීමට සමත් වුණි.

ඉන් අනතුරුව පළමු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 251ක් පමණක් ලබා ගැනීමට සමත් වු අතර ඔවුන් දෙවන ඉනිමද ඉන් අනතුරුව ආරම්භ කළේය.

දෙවන ඉනිම සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිල ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 227ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක ජයක් හිමිකර ගැනීමට සමත් විය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>