06 Dec 2014
ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට ජලය
මාලදිවයිනට ජලය සපයන ප්‍රධානතම කර්මාන්ත ශාලාවේ ඊයේ (05) ගින්නක් ඇති වීම හේතුවෙන් එරට ජල සැපයුම දින දෙකක් අත්හිටුවා ඇති අතර, මේ හේතුවෙන් මාලදිවයිනේ සියලූම දෛනික කටයුතු අඩපණ වී ඇති බව වාර්තා වේ.
මාලදිවයිනේ හටගෙන ඇති මෙම ජල ගැටලුවට පිළියම් වශයෙන් මෙරටින් ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව වතුර බෝතල් ලක්ෂයක් යැවීමට රජය තීරණය කර තිබෙන අතර මේ වන විටත් එම වතුර බෝතල් තොගය ගුවන් මගින් යවා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පවතින තත්ත්වය හමුවේ මාලදිවයින් බලධාරීන් ශ්‍රී ලංකාව, ඉන්දියාව හා චීනය ඇතුළු අසල්වැසි රටවලින් උපකාර ඉල්ලා ඇති බව ය.
ඒ අනුව විශාල ගුවන් යානා 5කින් ජලය යැවීමට ඉන්දියාව කටයුතු කර තිබේ.