ශ්‍රී ලංකාවේ ප්‍රථම සමලිංගික චිත්‍රපටය මෙන්න

null

සමලිංගිකත්වය පිළිබඳව ලෝකයේම කතාබහට ලක්වන අවධියක ශ්‍රී ලංකාවේ ද සමලිංගික චිත්‍රපටයක් නිර්මාණය කර තිබේ. ‘ෆ්‍රැන්ජිපැනි’ නමැති මෙම සිනමා කෘතිය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ විසාකේස චන්ද්‍රසේකරම් විසිනි.

ඔහු පවසන්නේ ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ බිහි වූ පළමු සමලිංගික චිත්‍රපටය බව යි.

චිත්‍රපටය තුළ ප්‍රධාන චරිතය ලෙස සමලිංගික චරිතයක් පෙනී සිටීම සහ සමලිංගික චරිත සම්බන්ධයෙන් චිත්‍රපටය හරහා ගොඩ නගන යහපත් ආකල්පය යන නිර්ණායක මුල් කර ගනිමින් ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ බිහි වූ පළමු සමලිංගික චිත්‍රපටය ලෙස හැඳින්විය හැකි බව ද විසාකේස චන්ද්‍රසේකරම් මහතා පවසයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි රටක මෙවැනි නිර්මාණ දෙස බලන්නේ වපර ඇසකිනි. මේ හේතුවෙන් චිත්‍රපටය තිරගත වීමෙන් පසු ජනතාවගේ ප්‍රතිචාර කෙසේ වෙයිද යන්න ගැන අධ්‍යක්ෂකවරයා දරන්නේ මෙවැනි අදහසකි.

“දැනට මෙම චිත්‍රපටය රැඟුම් පාලක මණ්ඩලයේ නැවතිලා තියෙන්නේ, මුලින් මට ප්‍රශ්නයක් තිබුනා දේශපාලන අගතිගාමී කණ්ඩායම් එක්ක මේක කරන්න පුළුවන්ද කියලා, එත් මම හිතනවා ලංකාවේ ජනතාවට එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා, ආණ්ඩුව වෙනස්වීම නිසා මම හිතනවා යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා..”

null
null

අධ්‍යක්ෂකවරයා

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>