ශ්‍රී ලංකාව ගැන රටවල් හතරකින් යෝජනාවක්

null

යුද්ධය පැවැති අවසන් සමයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් ගැන විශ්වාසනීය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට වන යෝජනාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සභාගත කර තිබේ.

අමෙරිකාව, බ්‍රිතාන්‍ය, මැසිඩෝනියාව හා මොන්ටෙනේග්‍රෝ රටවල් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි පැවසේ.

යුද්ධය අවසන් සමයේ සිදු වූ බව කියන සිද්ධීන් සම්බන්ධයෙන් විශ්වාසනීය පරීක්ෂණයක් සිදු කළ යුතු බවත්, පොදුරාජ්‍ය මණ්ඩලයේ හා වෙනත් විනිසුරුවරුන්ගේ සහායෙන් එය සිදුකළ යුතු බවත් අදාළ යෝජනාවේ දැක්වේ.

කෙසේ වෙතත් මෙම යෝජනාවේ සඳහන් වූ ඇතැම් කාරණා සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බවට ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් කර තිබූ විරෝධතාවයන්ද සැලකිල්ලට ගෙන ඒවා ඉවත් කර ඇතැයි ද සඳහන්.

මේ අතර අද රාත්‍රී කොළඹදී පැවැති උත්සවයක් අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ හා අමෙරිකාවේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කරගෙන ඇති බවත්, අදාළ යෝජනාවට සහාය ලබාදීමට ශී‍්‍ර ලංකාව ඉදිරිපත් වන බවත් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>