ශ්‍රී ලංකාව තරඟාවලිය ජයගනී

null

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති හය වන එක්දින ක්‍රිකට් තරඟයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග 7 කින් සමන්විත තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම 4-2 ක් ලෙස තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට ද ශී‍්‍ර ලංකා පිල සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසාන වී කඩුළු 7ක් දැවී ලක්ණු 293ක් රැස් කර ගන්නා ලදී.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුමාර සංගක්කාර සිය එක්දින ක්‍රිකට් දිවියේ 20 වන ශතකය ලබා ගනිමින් ලකුණු 112ක් ලබාගත් අතර තිලකරතන දිල්ෂාන් ලකුණු 68ක් ලබා ගත්තේය.

ලකුණු 293 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය එංගලන්ත පිල ඕවර 41.3 කදී ලකුණු 202 කට සීමා කිරීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ආබාධයකට ලක්ව සිට නැවත පැමිණි සුරංග ලක්මාල් අගනා පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 30 කට කඩුලූ 4 ක් දවා ගත්තේය. තිලකරත්න ඩිල්ෂාන් (55/2) සහ සචිත‍්‍ර සේනානායක (33/3) සෙසු සාර්ථක පන්දු යවන්නෝ බවට පත්වූහ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>