ශ්‍රී ලංකාව නැවතත් ජය මාවතට

null

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ අද (29) පැවැති දෙවැනි තරගයෙන් කඩුලූ 8 ක ජයක් ලබාගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත්වූහ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසුවෙයි.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන් අතර එහිදී ඔවුන් ලකුණු 185 ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණි.

මෙන්ඩිස් ලකුණු 33ට කඩුළු 3
තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 32ට කඩුළු 2ක්

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ‍්‍රී ලංකා පිල ඕවර 34.2 කදී කඩුලූ 2 ක් පමණක් දැවී ලකුණු 186 ලබාගෙන ජය සටහන් කළේය.

මහේල ජයවර්ධන නොදැවී ලකුණු 77
කුමාර සංගක්කාර නොදැවි ලකුණු 67

අද උදෑසන තරඟය ආරම්භ වීමට ප්‍රථම අනපේක්ෂිත ලෙස බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් මිය ගිය ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩක ෆිල් හියුස්ට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහ එංගලන්ත ක්‍රීඩකයින් උපහාර දැක්වුහ.

එම අවස්ථාවේ ඡයාරූප (නෙත් නිව්ස්) පහතින්.

null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>