ශ්‍රී ලංකාව පළමු තරඟය ජයගනී

null

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක‍්‍රිකට් තරගය ලකුණු 25කින් ජයගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලූ 6ක් දැවී ලකුණු 317ක් රැස් කළේය.

එහිදී තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 88ක්, කුසල් ජනිත් ලකුණු 59ක්, මහේල ජයවර්ධන ලකුණු 55ක් වශයෙන් වැඩිම ලකුණු ලාභීන් බවට පත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 47යි එක් පන්දුවක් අවසානයේ සියලූදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 297ක් පමණි.

මොයින් අලී පන්දු 87ක් තුළ ලකුණු 119ක් හා රවී බෝපරා ලකුණු 65ක් රැස්කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී තිසර පෙරේරා කඩුලු 3ක් දවා ගැනීමට සමත්විණ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>