16 Dec 2014
ශ්රී ලංකාව ලකුණු 302 – ඩිල්ෂාන් 101
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන අවසාන එක්දින ක්රිකට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකාව ලකුණු 302ක් රැස් කර ගැනීමට සමත් විය.
නියමිත ඕවර 50 නිමා වන විට කඩුලු 6 ක් දැවී එම ලකුණු ප්රමාණය ලබාගන්නා ලදී.
එහිදී විශිෂ්ට ඉනිමක් ක්රීඩා කල තිලකරත්න ඩිල්ෂාන් සිය 18 වැනි එක්දින ශතකය ලබාගනිමින් එක්දින ලකුණු 9000 කඩයිම පසුකර ගිය අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 55ක් සහ තිසර පෙරේරා ලකුණු 54ක් ලබා ගැනීමට සමත් විය.
ශ්රී ලංකාවේදී සිය අවසන් එක්දින තරගයට සහභාගි වන මහේල ජයවර්ධනට ලබාගත හැකිවූයේ ලකුණු 28 ක් පමණි. කුමාර් සංගක්කාර ලකුණු 33 කට දැවී ගියේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කරන එංගලන්ත කණ්ඩායම මේ වන විට එක කඩුල්ලක් දැවී ලකුණු 11ක් ලබාගෙන සිටියි.