ශ්‍රී ලංකාව ලකුණු 317/6

null

සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරඟ 7කින් යුත් එක්දින තරඟාවලියේ පළමු තරඟය අද කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. එහිදී කාසියේ වාසිය දින ගත් එංගලන්ත පිල පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

එහිදී පළමු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 317 ක් ලබාගත්හ.

ආරම්භක පිතිකරුවන් යුගලය වූ කුසල් ජනිත් ලකුණු 59 සහ තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 88 ලබාගත් අතර ජීවන් මෙන්ඩිස් (නොදැවී 30) සහ ළහිරු තිරිමාන්න (නොදැවී 27) එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවමින් ඉනිමේ අවසන් ඕවර 10 න් ලකුණු 94 ක් ලබාගත්තේය.

අයහපත් කාලගුණ තත්වය නිසා තරගය ආරම්භ කිරීම අද පස්වරු 3.30 දක්වා ප්‍රමාද කෙරුණු නමුත් තරගයේ ඕවර සංඛ්‍යාව අඩු කිරීමකින් තොරවම ඕවර 50 තරගයක් ලෙස පැවැත්වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>