11 Mar 2015
ශ්රී ලංකාව ලකුණු 363 ලබාගනී
ශ්රී ලංකා කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ට ලකුණු 363ක් ලබාගැනීමට සමත්විය.
මෙහිදී අගනා පිතිහරඹයක නිරත වූ කුමාර් සංගක්කාර හා තිලකරත්න ඩිල්ෂාන් ශතක රැස්කරමින් ශ්රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.
එමෙන්ම අගනා ඉනිමක් ක්රීඩා කල නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 21 කදී ලකුණු 51 ලබාගනිමින් දිනේෂ් චන්දිමාල් තබා තිබූ වාර්තාව බිඳ හෙලීමට සමත් විය.