ශ්‍රී ලංකාව සමලිංගිකත්වය පිළිඅරගෙන

null

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාරක සභාවකදී සමලිංගිකත්වයට පක්ෂව ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ සඳහා පක්ෂව කැමැත්ත ප්‍රකාශ කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති වල වෙනසක්ද යන්න මේ වන විට ප්‍රශ්නයක් වී ඇති බවද, මෙරට පවතින දණ්ඩ නීති සංග්‍රාහයට අනුව සමලිංගිකත්වය නීතියෙන් තහනම් කර ඇති බවද ඒ මහතා එහිදී පෙන්වා දුන්නේය.

තවද එක්සත් ජාතීන්ගේ අදාළ යෝජනාව සඳහා දකුණු ආසියවේ අනෙකුත් රටවල් විරුද්ධ වී ඇති බවත්, දකුණු ආසියාවෙන්ම ශ්‍රී ලංකාව පමණක් එම යෝජනාවට එකඟවී ඇති බවත් මුසම්මිල් මහතා එම අවස්ථාවේදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාගෙන් විමසීමක් කර ඇති අතර ඔහු පවසා ඇත්තේ මොහොමඞ් මුසම්මිල් මහතා වැනි තරාතිරමක පුද්ගලයෙකුගේ චෝදනාවලට පිළිතුරු දීමට තමන් සුදානම් නොවන බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>