11 Jan 2015
ශ්‍රී ලංකාව 219යි – මහේල 104යි
ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර තරඟ 7කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු එක්දින තරඟය ක්‍රයිස්චර්ච් නුවරදී අද (11) උදෑසන ආරම්භ විය.
එහිදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා පිල නියමිත පන්දුවාර පනහ අවසානයේදී කඩුළු 09 ක් දැවී ලකුණු 219 ක් රැස්කරගන්නා ලදී.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මහේල ජයවර්ධන ලකුණු 104ක්, ලහිරු තිරිමාන්න ලකුණු 23ක් හා ජීවන මෙන්ඩිස් ලකුණු 23ක් ලබා ගැනීම හැරුණු විට සෙසු පිතිකරුවන් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නවසිලන්ත කණ්ඩායම මේ වන විට 201/6 (36.5) ලබාගෙන සිටියි.