ශ්‍රී ලංකා ඉණිම ගොඩ දැමූ මහේල

null

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය අතර පැවැත් වුනු තරගයෙන් කඩුළු 4කින් ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත්විය.

තරඟයේ කාසියේ වාසිය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර එහිදී පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සියලුම ක්‍රීඩකයින් දැවී ලකුණු 232ක් ලබා ගන්නා ලදී.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 4 ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකදී ලබාගැනීමට ඇෆ්ගනිස්ථාන පන්දුයවන්නන් සමත් විය.

එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කල මහේල ජයවර්ධන සිය එක්දින ක්‍රිකට් දිවියේ 19 වැනි ශතකය ලබාගනිමින් ශ්‍රී ලංකාව අසීරු තත්වයෙන් මුදවා ගත්තේය.

මහේල ජයවර්ධනට අගනා සහයක් ලබාදුන් මැතිව්ස් ලකුණු 44 ක් සහ තිසර පෙරේරා ලකුණු 47ක් ලබාගන්නා ලදී. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.2 තරඟයේ ජය හිමිකර ගැනීමට සමත් විය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>