ශ්‍රී ලංකා – ඉන්දියා දෙවැනි තරගයේ ජයත් ඉන්දියාවට

null

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අහමදාබාද්හිදී සාර්දාර් පටෙල් ක‍්‍රීඩාංගණයේදී අද (06) පැවැති දෙවැනි තරගයෙන් ඉන්දීය ක‍්‍රීඩකයෝ කඩුලූ 6 ක ජයක් ලැබීමට සමත් වූහ. මෙම ජයත් සමගින් ඉන්දියාව මේ වන විට 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසු වෙයි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිළ පළමුවෙන් පන්දුවට පහර දුන් අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 274 ක් ලබා ගත්හ.

එහිදී නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 92 ක් ද, කුමාර් සංගක්කාර ලකුණු 61 ක් ද ලබා ගැනීමට සමත්විය.

කෙසේ වුවත් පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 44 යි පන්දු 3 ක දී කඩුලූ 4 ක් දැවී ලකුණු 275 ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කළේය.

අම්බටි රයිදු නොදැවී ලකුණු 121ක් ද සිකර් දවන් ලකුණු 79ක්ද ලබා ඉන්දීය ඉනිම ශක්තිමත් කරන ලදී.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>