ශ්‍රී ලංකා කණ්ඩායමට මුරලිගෙන් උපදෙසක්

null

ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 8 වටයේ තරඟ හෙටින් ආරම්භ වේ. එම තරඟය ක්‍රීඩා කරනු ලබන්නේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකා කණ්ඩායමයි.

මෙම තරඟය දෙපිළටම ඉතා වැදගත් වන අතර පරදින කණ්ඩායමට නැවත මව්රට බලා පිටත්ව යාමට සිදුවේ.

මෙම තරඟය පිළිබඳව ශ්‍රී ලංකා පිලේ සිටි දක්ෂතම දඟපන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් ඔහුගේ නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කර තිබේ.

ඔහු එහි සඳහන් කර ඇත්තේ දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරඟයට සහභාගී වන ශ්‍රී ලංකා පිළට පණිවුඩ 2ක් ලබාදීමට ඇති බවයි. ඉන් එකක් වන්නේ නායක ඇන්ජලෝ මැතිව්ස් කෙසේ හෝ කාසියේ වාසිය දිනාගත යුතු බවත්, දකුණු අප්‍රිකානු පිළේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ඩිවිලියර්ස් පිළිබඳව කළබල නොවන ලෙසත් ය.

null

සිඞ්නි ක්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා ඇත්තේ අඩුපාඩුකම් මගහරවා ගනිමින් දකුණු අප්‍රිකාව සමග හෙට පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බවයි.

කෙසේ වෙතත් අබාධයකට ලක්ව සිටින රංගන හේරත් මෙම තරඟයට සහභාගී වීම කෙසේද යන්න තවමත් නිශ්චිතව ප්‍රකශ ලර නොමැත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>