ශ්‍රී ලංකා – කොදෙව් එක්දින තරගාවලිය හෙට සිට

null

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – කොදෙව් එක්දින තරගාවලිය හෙට (01) ඛෙත්තරාම ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දෙවැනි තරගය 04 වැනිදා එම පිටියේදීම පැවැත්වෙන අතර තෙවැනි තරගය 07 වැනිදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයන් තුන්දෙනෙකු එක්වෙයි. ඒ ෂෙහාන් ජයසූරිය, ජෙෆ්රි වැන්ඩර්සේ සහ ධනුෂ්ක ගුණතිලකයි.

එමෙන්ම, ටෙස්ට් තරඟාවලියට ඇතුළත් නොවූ අජන්ත මෙන්ඩිස් සහ නුවන් කුලසේකර ද සංචිතයට ඇතුළත්.

වේග පන්දු යවන්නන් ලෙස ලසිත් මාලිංග සමඟ දුෂ්මන්ත චමීර මෙන්ම, ටෙස්ට් තරඟාවලියේදී දස්කම් දැක්වූ මිලින්ද සිරිවර්ධනද සංචිතයට එක්කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>