ශ්‍රී ලංකා තානාපතිවරයෙක් යුක්රේන සටන්කරුවන්ට අවි සැපයූ බවට චෝදනා

null

ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපතිවරයා ලෙස කටයුතු කළ උදයංග වීරතුංග මහතා, යුක්රේනය තුළ සටන්වැදී සිටින බෙදුම්වාදී සටන්කරුවන් වෙත ආයුධ සැපයීමේ නිරත වී ඇති බවට චෝදනා ලැබ ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසා ඇත්තේ යුක්‍රේන රජය විසින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාට කළ දැනුම් දීමකට අනුව එම පරීක්ෂණ ආරම්භ කර ඇති බව ය.

අද පුවත් වාර්තා කරන පරිදි යුක්රේන ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ විසින් පසුගියදා මේ කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්ද කරුණු විමසා තිබේ.
ඒ අනුව මේ පිළිබඳව තමන් සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාද පසුගියදා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය.

විදෙස් වාර්තා අනුව වීරතුංග මහතා මෙම සටන්කරුවන් වෙත රයිෆල් තුවක්කු සහ තවත් සුළු අවි ප්‍රමාණයක් ලබාදී ඇතැයි මෙසේ චෝදනාවට ලක්ව තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>