ශ්‍රී ලංකා – පාකිස්තාන තරඟය අතරතුර ගැටුමක්

null

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා, පාකිස්තාන තුන්වන එක්දින තරඟයේදී ප්‍රේක්ෂකාගාරයේ සිටි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.

එහිදී පිරිසක් එක් පුද්ගලයෙකුට බිම දමාගෙන පහරදෙන අයුරු දක්නට ලැබුණු අතර ඛෙත්තාරායමට පිටතින් ගල් හා බෝතල් ප්‍රහාර ද එල්ල වී තිබේ.

ක්‍රීඩා පිටියට ද ගල් ප්‍රහාරයක් එල්ල වීම නිසා තරඟය මොහොතකට නතර කිරීමටද සිදු විය. පසුව පොලිසිය සහ කැරලි මර්ධන ඒකකය කැඳවා නොසන්සුන් තත්වය පාලනය කිරීමට සමත්වී තිබේ.

මෙය තරගයේ ප්‍රතිඵලය නිසා ඇතිවූවක් නොවන අතර ප්‍රේක්ෂකයන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් දුර දිග යාම නිසා සිදු වුවක් බව වාර්තා වේ. කෙසේ වෙතත් අවසානයේදී එයින් සිදුවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට කලු පැල්ලමක් එක්වීම පමණකි.

නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමෙන් පසු තරඟය නැවත ආරම්භ කර තිබේ. සිදුවීම හේතුවෙන් තරගය විනාඩි 45කට පමණ ප්‍රමාද විය.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>