15 Jul 2015
ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවැනි තරගය අද
ශ්‍රී ලංකාව සහ සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (15) පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එම තරඟය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.
පල්ලෙකැලේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී තරඟ සූදානම පිලිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම හොදින් මුහුණ දීමට බලාපොරොත්තු වන බවයි.
දෙපිල අතර පැවැත්වු පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.